Skip to main content

Posts

කැලෑබොක්ක

2021 නොවැම්බර් 06. රාත්‍රී 10.24 | නිවස, පැනිදෙණිය මුහුණු පොතේ මැසෙන්ජර් තුලින් චානක අයියා තැබූ පණිවිඩය අහම්බෙන් නෙත ගැටුනු මා එසැනින්ම දුරකතන ඇමතුමක් ගත්තෙමි. හලෝ චානක අයියේ, ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා දැකපු ගමන්ම කෝල් එක ගත්තේ. අයියේ අපි හෙට කොහෙද යන්නේ. මම එනවා කිසිම අවුලක් නෑ.. චානක අයියාට කතා කිරීමටවත් ඉඩක් නොතියාම මම එසේ කියවන්නට වුනෙමි. සාවධානව අසාගෙන සිටි චානක අයියාගෙන් ලැබුන පිළිතුර වූයේ මල්ලී අපි හෙට බඹරකිරි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නේ. ඔයා යන්න එනවද? අකලංකත් එන්නම් කිව්වා. ඔයා එනවා නේ!!! ලද අවසරයෙන්ම මම ගමනට සහභාගී වෙන බව තහවුරු කළ මා එතැන් සිට මෝටර් බයිසිකලය පිළිබදව විස්තර කතාබස් කරන්නට වීමි. දුරකතන සංවාදය අවසන් වූ සැනින්ම ඉහළ මහලට ගොස් අම්මාට මම හෙට ටුවර් (Bike Tour) එකක් යන බව පවසා ඒ සදහා අවසර ලබාගතිමි. කෙසේ හෝ රාත්‍රී 11.15 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ගමන් මග පිලිබද විස්තර ගූගල් මැපස් තුලින් සොයන්නට වීමි. ගමනට අවශ්‍ය ආම්පන්න ලැහැස්ති කොට ඇදට වැටුනේ නිදා ගැනීම උදෙසාය... අහෝ නිදි දෙව්දුව නම් අහලකවත් නැත !!! 2021 නොවැම්බර් 07. උදෑසන 6.00 | නිවස, පැනිදෙණිය ...

XR250 ❤️😍

2011 දී තමයි මුලින්ම දැකලා වන්ඩියට හිත ගියේ 🧐 එතකොට A/L වලට පංති යන කාලේ. ඒ දවස්වල බයික් එකේ චැසි කීයද බයික් එකේ වර්ගේ මොකක්ද කියලවත් දන්නේ නෑ 🤭 පස්සේ විස්තර හොයාගෙන යනකොට තමයි දැනගත්තේ මේක Honda XR250 බයික් එකක් කියලා 😁🤭 කොහොමහරි ජොබ් එකක් කරන කාලෙක ගන්නවා කියලා හිතාගෙන හිටියට ඉස්සෙල්ලාම ගත්තේ මැලේසියානු DTM 150 ක්. බයික් එකක් පදින්න තිබ්බ ආසාව නිසාම සහ මිලෙන් අඩු නිසා ඒක ගත්තේ. ඊට පස්සේ Bajaj Pulsar 150, ඊටත් පස්සේ Yamaha Fazer 150 වගේ ඉන්දියානු බයික් කාලයක් තිස්සේ පැද්දා. කොහොමහරි මගේම කියලා පළමුවෙන්ම ජපන් වන්ඩියක් කියලා ගත්තේ 1989 නිශ්පාදිත වර්ශය වුන 2006 දී ලංකාවේ ලියාපදිංචි කළ Honda CB125T Deluxe බයික් එකක්. ඔය මොන බයික් එකක් පැද්දත් හිත කිව්වේම XR250 ක් ගන්නම කියලයි. ඒ ආසාව වැඩි වුනේ තරංග අයියා යන්න කතා කරපු යාපනය ට්‍රිප් එක නිසා කිව්වොත් නිවැරදියි. XR 250/400/650L, DJebel, FMX 650 , KLX 650 , Baja, TW 200 බයික් පිස්සෙක් වුන මට ඒ ටික දැක්ක ගමන් හිතා ගත්තා මාත් කොහොමහරි XR250 ක් ගන්නවාමයි කියලා. පෙරේදා ඒ කියන්නේ 2021/03/23 තමයි මගේම කියලා සිලින්ඩර් ධාරිතාව 250ක් ව...